Image- www.americanmattressinc.com

දැහැන අබියස


කල්ප ගණන් පෙරුම් පුරා සොයා ආවේ මා.....

විරහ ගීතයකින් ම පටන් ගත්තට මොකද මට නම් හිතුණේ මේකම පොඞ්ඩක් වෙනස් කරලා ගත්තා නම් අද දවසට නියමෙට ගැලපෙනවා කියලා.

කල්ප ගණන් පෙරුම් පුරා ට්‍්‍රප් යන්නේ මා....

ඇයි ඉතින් කවදා ඉදන් සංවිධානය කරපු ට්‍්‍රප් එකක්ද මේ නමෝවිත්තියෙන් අද යන්න පිටත් වුණේ. මුන් ටික එකතු කරගන්න කට්ට කාපු විදියට එක්සෑම් එකට මහන්සිි වුණා නම් වාර්තා පිට වාර්තා තියන්නත් තිබුණා. ඒ තරම් කට්ටක්නේ කෑවේ එක දවසක එක තැනකට යන්න අපේ සෙට් එකව කැමති කරවගන්න. අනේ ඇත්තට මට නම් පිස්සු හැදුණේ නැති ටික විතරයි.

අනේ මන්දා මේකි මේ මනෝපාර දාගෙන කවුරු ගැන හීන මවනවද කියලා. ඒ මගේ අතිජාත මිතුරිය වාසනා. වාසනා කිව්වට මොකද අපේ අවාසනාවට ද කොහෙද මේකිට මේ හැකර කට පිහිටලා තියෙන්නේ. මට ඔරලෝසුව දිහා බැලුණේ ඉබේටමයි. මෙච්චර ඉක්මනට බීච් සයිඞ් එකට ආවාද කියලා හිතාගන්නත් බැරි වුණා. ඞ‍්‍රයිවර් අයියාට හිතෙන් පින් දෙන ගමන් බස් එකෙන් යන්තමට බැහැගත්්තා විතරයි. අනූපි මාව ඇදගෙන ගියා සෙල්ෆි ගහන්න. පුදුම සෙල්ෆි පිස්සියෝ ටිකක්් තමයි මේ නම්.

ඇත්තටම ඒක ලස්සන වෙරළ තීරයක්. මුහුදු ඛාදනය වළක්වන්න දාලා තිබුණු කළු ගල් පේලිය එහි සුන්දරත්වය තවත් වැඞ් කරනවා කියලයි මට නම් හිතුණේ. මං හිතන්නේ මට තේරුණු ටික ම මගේ සගයන්ටත් තේරිලා. මුන් තුන්දෙනා මේ මාවත් ඇදගෙන දුවන්නේ ඒ ගල් උඩ නැගලා සෙල්ෆියක් ගහන්න.

අම්මෝ... අනූනවයෙන් බේරුණේ. තව පොඞ්ඩෙන් වැටෙනවා. ඒ සමනලී, බලාගෙන මේ සමහර ගල් අඩමානේ තියෙන්නේ. කොහොමෙන් කොහොමෙන් හරි හතරදෙනාම දැන් සෙල්ෆිය ගන්නයි ලෑස්තිය. අනේ, අනේ, ඔහොම බෑ. ඉන්න මන් මෙතනට එනකම් මෙහෙම කෑගහගෙන අනූපි අපි තුන්දෙනාගෙම ඉස්සරහට පැන්නා. අඩමානේ තිබ්බ ගල එකපාරටම ජෙට් එකක් වගේ උඩ ගියේ අපි කාටවත් හිතාගන්න බැරි විදියට. ඒ අතරේ සිව් දෙනාගේ කෑගැහිල්ලත් එක්කම අපි හතරදෙනා එක පොදියට ගල් උඩ පෙරලී යද්දී මගේ ඔළුව ගලක වැදිලා දෑස් නිලංකාර වෙලා යනවා විතරයි මට මතක තිබුණේ.

පුතේ, පුතේ,...

අම්මාගේ හඩත් එක්ක මම සෙමින් දෑස් විවර කරා. මට මුකුත් හිතාගන්න බැරුව ඉදිද්දී අම්මා තාමත් බය වෙලා මගේ දිහා බලාගෙන.

අනේ අම්මේ, අනුපිලාට කරදරයක් නෑ නේද ? කෝ එයාලා.  මං අම්මාගේ මූණ බලන් ඇහුවේ හරිම නොඉවසිල්ලෙන්. මොකද මට මතක අපි හතරදෙනා වැටෙනවා විතරයි. එතනින් එහාට මොනවා උනාද කියන්න මං දැනගෙන හිටියේ නෑ.

පිස්සුද ළමයෝ, මොනවද ඔය කියවන්නේ. ඒ ළමයි ගෙවල්වල හොදින් ඇති. මෙයා මේ හීනෙන් කෑගහන සද්දෙට බය වෙලයි මාත් මෙතනට දුවගෙන ආවේ. දැන්වත් නැගිටින්න ළමයෝ දවල් හීන දකින්නේ නැතුව. 

දෙයියනේ, එතකොට මං මෙච්චරවෙලා දැකලා තියෙන්නේ හීනයක්ද? විශ්වාස කරන්න බැරි තැන මං මගේ ඔළුවත් අතගාල බැලුවා. එක අතකට අම්මා කිව්වා වගේ ම අපේ ට්‍්‍රප් එක හැමදාම දවල් හීනයක්ම විතරයි.



කතෘ  ඒ. තුෂාරි ප‍්‍රමෝදා ප‍්‍රනාන්දු
2020/03/28

Post a Comment

Previous Post Next Post