පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නළවනවා... 

 සුනිල් සරත් පෙරේරා  මහතා පද නිර්මාණය කල W D අමරදේව මහතා ගායනා කල මෙම ගීතය සදහා ප්‍රකට විවරණ දෙකක් සමාජ ගතවෙලා තියනවා.ම්මම ගීතය විවරණ කරන බොහොමයක් පවසන්නේ මෙම ගීතයෙහි සදහන් වන්නේ තමාගේ හැරගිය පෙම්වතිය වෙනත් විවාහයකින් ලැබූ දරුවා සමග තමන්ගේ මතකත් එක්ක ජීවත් වෙනවා කියල..තවත් සමහරුන් පවසන්නේ මෙම ගීතයෙන් පවසන්නේ තමන්ගේම පෙම්වතිය පසුකලක තමාගේම බිරිය වී තමන්ගේ දරුවාත් තමාත් සමග සිටින කතාවක් බවයි. නමුත් මෙහි රචකයා විටින් විට මතු කල එහෙත් ප්‍රධාන කතාවලින් වැහුනු අමුතුම කතාවක් හැංගිලා තියනවා..ඒ තමයි කාලයත් සමග සියල්ල වෙනස් වන සුළු බව..බුදු දහම අනුව අනිත්‍යතාව..මෙම ගීතයෙන් කාලය අනිත්‍යතාව හා අනිත්‍යතාව තුලින් මතුවන සුන්දරත්වය හරි අපූරුවට ඉදිරිපත් කරල තියනවා.

පෙරදිනයක මා පෙම්කල යුවතිය සියපුතු නළවනවා.. 

කාලයේ අපූර්වතම වෙනස් වීම ඉතාමත් අලංකාර ලෙස සියුම්ව ඉදිරිපත් කල පද පෙළක් නොවේද? පෙර තමාගේ පෙම්වතිය දැන් දරුවෙකු සිටින මවක්... 

හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා.. 
නෙත් අදහා ගන්නට බැරි ලෙස රූසිරි කෙමෙන් මැකී යනවා...

කාලය මුලු ලෝකෙටම හොරෙන් ගෙවිලා යනවා.. කාලයත් එක්කම අපි පවත්වාගන්න උත්සාහ කරන ලස්සන, පිරිපුන් බව හිමින් හිමින් වියැකිලා යනවා..ඒ වෙනස් වීම දරා ගන්න අසීරු වුවත් ඇස් අදහා ගන්න නොහැකි වුවත් ඒ තමයි පරම සත්‍ය.ඒ සත්‍යට අප මුහුණදීමම තමයි ජීවිතය කියන්නේ.. අද පෙම්වතුන් වෙලා ඉන්න අය වෙන් වෙනවා අලුත් අය ජීවිතයට එනවා.. තත්පරෙන් තත්පරය අපි වෙනස් වෙනවා. එයමයි ලෝක ස්වාභාව..එයමයි ජීවිතය..

එදා වගේ තවමත් වැට අද්දර නාමල් පූදිනවා.. 
නොකා නොබී දුක් වින්ද අතීතය යළි මට සිහිවෙනවා.. 

එදා අපි දෙන්න නිතර හමුවුණ වැට අද්දර අදත් පෙම්වතුන් හමුවෙනවා...එය දකින මට අපේ අතීතය මතක් වෙනවා..ඒත් එක්කම මට මතක් වෙනවා ඒ කාලෙ මන් කන්න නැතුව ජීවත් වෙන්න දුක් විදපු ආකාරය..කාලයත් එක්කම වෙනස් වීම දුකක් විතරක්ම නෙමේ සතුටකුත් ගේනවා..එදා දුක් වින්ද මම අද ඒ තරම් දුක් විදින්නෙ නැහැ..ඒක නිසාමයි මට ඒ වින්ද දුක මතක් වෙන්නේ...

කාලයේ වෙනස හරි අපූරුවට පෙන්වූ මෙම ගීතයටද වෙනස් වීම වෙනසක් වෙන්නෙ නෑ.. නව පරපුර මෙම ගීතයට හරි අපූරු පද එක් කරල නව ආකාරයකට ඉදිරිපත් කරල තියනවා..

පෙර දිනයක මා පෙම්කල යුවතිය රටකජු විකුණනවා.. 
මගේම ලියුමින් ගොටුවක් සාදා ඈ මට විකුණනවා..
රටකජු කන්නද ලියුම බලන්නද මගෙ සිත ලතවෙනවා 
මගේම ලියුමේ මොනව බලන්නද මම රටකජු කනවා.. 

පෙර දිනයක මා පෙම් කල හැතිරිය තවකෙක් දක්කනවා..
මගේම කලිසම් ගජේට ඇදගෙන ඌ තව මොඩ් වෙනවා 

බවන්ත කසුන් 

Post a Comment

Previous Post Next Post