දෙපාර්ශවයේම දෙමාපිය  ආශිර්වාදය මැද පෝරුවේ චාරිත්‍ර සර්ව සම්පූර්ණ කර විවාහ දිවියට පැමිණි නව යුවල පිටත්ව යන අවස්ථාව.. D J මල්ලීද ඔහුගේ උපරිම සේවාව ලබා දී  මනාල යුවළ පිටව යන සංවේදී අවස්ථාවේ ගීතයක් වාදනය වීමට සලස්වනවා..
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ... නුඹ‍යි දිවිය අර්ථවත් කලේ..
ඒ අම්මාගේ හඩ අවදි කලේ විශාරද නන්දා මාලිනියන්.ගීතයේ තාත්තාගේ හඩ අවදි කරන්නෙ රෝහණ වීරසිංහයන්..මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ පද රචනයෙන් බිහිවුණු මෙම ගීතය විවාහ මංගල උත්සවයේ සිටි මනාලියගේ දෙමාපිය දෙපළගේම ඇස් වලට කදුලු බිදු එක් කරන්න සමත් වෙනවා..අවසානයේ කදුලු මෙන්ම් සතුටු කදුලු මතින් නව යුවල පිටත් වෙනවා..
ඒත් පුංචි ප්‍රශ්නයක් මොකක්ද මේ ගීතය ?  මොකක්ද මේකෙ තේරුම ?

රත්තරං දුවේ අපේ රත්තරං දුවේ
ඔබයි දිවිය අර්ථවත් කලේ
ගියදා පටන් ඉගිල කුරුලු කූඩුවෙන්
සංතෝෂ‍යක් නෑ හිතේ

මගෙ රත්තරං දුවේ උඹයි අපේ ලෝකෙ, අපේ ජීවිතය අර්ථවත් කලේ නුඹ..අපේ කූඩුවෙන් උඹ ගියපු දවසෙ ඉදල අපිට සංතෝෂයක් නෑ..හරියට කෑමක් බීමක් නෑ උඹ කොහෙද ඉන්නෙ මොනවද කරන්නෙ කියල දන්නෙ නැතුව අපිට හිතේ සතුටික් නෑ..

ඉගිළිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඔබත් කූඩුවක් තනන්න නේ
ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ

දුවේ උඹ අපේ ආදරේ එපා කියල අපෙන් ඈත් උනේ උඹටම කියල පවුලක් හදා ගන්න අපි ඒක දන්නවා.ඒකට අපේ හිතේ තරහක් නෑ..උඹේ සැමියා උඹේ ළමයි, මේ හැමෝමත් අරගෙනම අපි ගාවට එන්න.අපි පරණ තරහ මරහ අමතක කරමු..

ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ
හනික එන්න පියඹලා දුවේ
ඇවිත් යන්න එන්න සුදු දුවේ

උඹේ පවුලත් එක්කම ඉක්මණ්ටම අපිව බලන්න එන්න..අපිව බලල යන්න එන්න අපි උඹත් එක්ක තරහ නෑ දුවේ..

තමන්ගෙ එකම දුව තම පෙම්වතා සමග පැනගිහින්.. ඒ ගැන හිත හිත දුක් වෙන ආදරණීය අම්මයි ආදරණීය තාත්තයි තමන්ගෙ දුවගෙන් කරන ආදරණීය ඉල්ලීම තමයි මේ ගීතයෙන් කියවෙන්නේ..
ඉතිං.. දෙමාපිය ආශීර්වාදය මැදින් විවාහ දිවියට පිවිසෙන යුවළ පිටව යන අවස්ථාවේ හෝ මංගල උත්සව අවස්ථාවේ මෙම ගීතය වාදනය කිරීම සිදු නොකල යුත්තක් නේද..

බවන්ත කසුන් 


Post a Comment

Previous Post Next Post