අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත දුම්රියට මහකණුමුල්ලේ වජිර හිමි.(වර්තමානයේදී උන්වහන්සේ උපැවිදිව ඇත) ගොඩවන්නේ කොළඹ බලා වඩින්න.දුම්රියේ මුල්ලක තිබුන අසුනක උන්වහන්සේ අසුන්  ගන්නවා. වැඩි සෙනඟක් එදා හිටපු නැති නිසා වැඩි කලබලයක් තිබුනෙත් නෑ..
දුම්රිය අනුරාධපුරයෙන් පිටත් වෙලා ටික දුරක් එද්දි වැඩිය ජනාකීර්ණ නොවුණු නැවතුම්පොළක් නැති තැනක හදිස්සියේම දුම්රිය නතර කරනවා. ටික වෙලාවකින් දුම්රිය හිටපු අය කලබලයෙන් දුම්රිය එංජිම පැත්තට යන්න පටන් ගන්නවා. මිනිස්සු ඒ මේ අත දුවනවා. හරිම කලබලයක් මේ හාමුදුරුවෝ දකිනවා. ⁣මේ වෙලාවේ හාමුදුරුවෝ ළග හිටපු පුද්ගලයාත් යනවා මේ කලබලය මොකක්ද කියලා බලන්න.කොහොම වුනත් හාමුදුරුවෝ නම් එලියට වඩින්නේ නෑ. සිද්ධිය යාන්තමට තේරුම් ගන්න උන්වහන්සේට පුලුවන් වෙනවා.

ඔය අතරේ සිද්ධිය බලන්න ගියපු හාමුදුරුවෝ ළග හිටපු පුද්ගලයා ආයෙත් අසුනට එනවා. හාමුදුරුවෝ මේ ගැන ඔහුගෙන් විස්තර අහනවා.

මොකක්ද වෙලා තියෙන්නේ?.

ජෝඩුවක්  කෝච්චිය පැනලා හාමුදුරුවනේ.

ඉතින්?

එතනමයි හාමුදුරුවනේ. කෑලි.

තරුණ අයද?

ඔව්. තවම ඉස්කෝලේ යනවා ඇති. එච්චර වයසක් පේන්න නෑ.

කලබල ගතිය ටික වෙලාවකින් නැති වුණා. කෝච්චිය ආයෙත් සුපුරුදු ගමන ආරම්භ කළා. ඊලඟ නැවතුම්පොළින් හාමුදුරුවෝ ළග හිටපු මගීන් බැහැලැ ගියා. මෙච්චර වෙලා හිතේ කකියපු ගොඩක් දේවල් පෑනක් අරන් කොලයකට ගලපන්න පටන් ගත්තා.

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ ...

සංසාර පුරාවට පතපු පැතුම වෙන්න ඇති සුනු විසුනු වෙලා යන්න ඇත්තේ.. ඒත් කාටද රිදුනේ? කවුද හැඩුවේ.. දුම්රිය මද වේලාවකට නැවතුනා විතරයි..නිසොල්මන් සිරුරු දෙකත් කෝච්චි පෙට්ටියේම දාගෙන කෝච්චිය ආයෙමත් ගමන පටන් ගත්තා..

මලක් වගේ රොන් සුවද වගේ
ජීවිතයේ සුව අපමණ වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ

ජීවිතය මලක් වගේ සුවදවත් ඒ වගේම ගලන දොළක් වගේ.. කරදර බාධක මැදින් යනකොට තමා ලස්ස්න..එතකොට තමා ජීවිතයේ නියම සිසිලස දැනෙන්නේ..

වරක් නෙතග කදුලැලි පිරුණාදෝ
සිතට දරා ගනු බැරිදුක් වීදෝ..

එක් වරක් සිතට දුකක් දැනුනද ?  ඒක දරා ගන්න බැරි උනාද? ඒකද මේ තීරණය ගත්තේ නමුත් ජීවිතය සුන්දරයි.. එය විදවන්න නෙමේ විදින්නයි අවශ්‍යය..

දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ...

බවන්ත කසුන්

Post a Comment

Previous Post Next Post