අම්මා බුදු වේවා.. එතකොට තාත්තා? තාත්තා බුදු වෙන්නෙ නැද්ද? නෑ... තාත්තා බුදුවෙන්න පුලුවන්කම තියාගෙනම අම්මට බුදු වෙන්න වරම් දුන්නා.ඒකයි ලෝකෙ හැමතැනකදිම අම්ම එක වෙලා තාත්තා දෙක වෙලා තියෙන්නේ.තාත්තා හරියට ඉර වගේ අම්ම හරියට හද වගේ..කළුවර අහසම සිසිල කරන් හද රැස් විහිදන්න හදට එළිය දුන්නේ ඉර. අපි ඒක දැන දැනම හැමදාම නොදන්නවා වගේ හිටිය.ඉරට හොදක් කියන්න අපේ හිත කැමති උනේම නෑ.. ඒක නිසාමයි හදට ලියවුණු කවි ගී නිසදැස් ඉරට ලියවුණේ නැත්තෙ.

කහට කෝප්පෙට වාරු දීගෙන ඉර පායන්නත් කලින් උදැල්ලක් අරන් වෙලට ගිය අප්පච්චී ආයිමත් ගෙදර ආවෙ ඉර අවරටත් ගියාට පස්සෙ.අප්පච්චිගෙ ලෝකෙ අප්පච්චිට තිබ්බ ලොකුම හීනෙ තමයි අපේ පවුල රජ කරවන එක. ඒ වෙනුවෙන් ඔහුට ඕනම දෙයක් කරන්න  ඕනම දෙයක් කැපකරන්න දෙපාරක් හිතන්න ඕනකමක් තිබ්බෙ නෑ. උදේට කුඹුරට ගිය අප්පච්චි හවස ගෙදර ආවෙ තෙල් බෝතලය හොයාගෙන. තෙල් බෝතලෙත් අරගෙන එළියෙ තියන බූරු ඇදට වෙලා තනියම තෙල් ගා ගත්තෙ හැම වේදනාවක්ම තනියම දරාගෙන.අදටත් ඒ වේදනාව දන්නෙ අප්පච්චි විතරමයි.ඒ වේදනාවත් යටපත්කරගෙන අප්පච්චි දාන හිනාවට මුළු ගේම පිරිල යන්න තරම් ලොකු බලගතු  කමක් තිබුණා.ගෙදර බුදුන් අම්ම උනාට අම්මා අදටත් විශ්වාස කරන එකම දෙවිය තමයි අප්පච්චි ඒ නිසාමද කොහෙද හැමදාම ගෙදර ඉදෙන බත් පතේ පළවෙනි පංගුව අප්පච්චි වෙනුවෙන් වෙන් උනේ.ගෙදර හැම ප්‍රශ්නෙකදිම අම්ම උපදෙස් මුලින්ම ගත්තෙත් අප්පච්චිගෙන්, අප්පච්චි ඒ ප්‍රශ්න වලට දීපු විසදුම් ඇතුලෙ මහ ලොකු සමාජ දැනුමක් ගැබ් වෙලා තිබුනා. ඒ දැනුම අප්පච්චිට ආවෙ කොහොමද කියන එක අදටත් මට ප්‍රශ්නයක්...

පොඩි කාලෙ දහම් පාසලේදි බුද්ධදාස රජතුමාගෙ අත් බෙහෙත් ගැන උගන්නද්දි මට මතක් උනේම අප්පච්චිගෙ රූපෙ.කැලෑ කොළයක් කටින් හපල හදන අත් බෙහෙතට දැනෙන සනීපය තරම් සනීපයක් අදටත් මට මොනම බෙහෙතකින්වත් දැනිල නෑ.

අප්පච්චි ගෙදර ඉන්න දවසට අපිට දැනුනෙම හතරවරම් දෙවිවරු අපිව ආරක්ෂා කරනව වගේ හැගීමක්..ඒම මහ පුදුමාකාර ආරක්ෂාවක්අ.ප්පච්චි නැති දවසට ජනෙල් දොරවල් වහලද කියල දෙතුන්පාර බැලුවත් අප්පච්චි ගෙදර ඉන්න දාට දොර ජනෙල් වහන්න අමතක උනත් අපි සනීපෙට නිදා ගත්ත කිසිම බයක් නැතුව.
ඉතින් අප්පච්චි
මාව සක්විති රජ කරවන්න මග කිව්වෙ නුඹ..
අසනි වැසි රුදුරු වග වලසුන් පිරුණු මේ කටුක සමාජයේ මට සතරවරම් දෙවියෙක් වගේ ආරක්ෂාව දුන්නේ නුඹ..
අවසන සියලු සැප සම්පත් අපේ පැළේ සිව්කොනින් ගෙනත් තියල අපිව සතුටින් තිබ්බෙ නුඹ..

බවන්ත කසුන් 

2020/04/05

http://gestyy.com/w9TqUl

Post a Comment

أحدث أقدم