...... ප්‍රදේශයේ තරුණ‍යෙකු එම ප්‍රදේශයේම බාලවයස්කාර දැරියක් සමග පැනයයි - පුවතක්


වයසින් අඩු තරුණියක විසින් කල විවාහ ඇරයුමට කල ආදරණීය ප්‍රතික්ෂේප කිරීම
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හද පායා
කන්දක් උඩින් කැලේට එක පාරටම හද පායන්නෙ නෑ හද පායන්නෙ හිමින් හිමින්..ගීතයක අනුප්‍රාස රසයක් එක්කම ඒ පද පේළි දෙක හරි අපූරුවට ගළපන්න කවියා සමත් වෙන්නෙ ගීතයේ අර්ථයට අබමල් රේණුවකවත් හානියක් නොකර..
ඒ වගේම තමා විවාහය කියන්නෙත් වන්දනාවක් ඒ  වන්දනාවත් එක පාරටම යන්න පුලුවන් ගමනක් නෙමේ ඒ ගමන යන්න ඕනෙ පේ වෙලා..එහෙම නොගිහින් අපි කොහොමද මග බැහැල යන්නේ..
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියෙ අපි දැන්ම මග බැහැලා
අටවක පෝයටත්  අරලිය මල් පිපුණට අහසෙ හද පායන්නෙ නෑ, අපි පන්සල් යන්නෙත් නෑ වගේම තමා නංගියේ උඹ මේ ඉන්නෙ වැඩෙන වයසක. මේ කාලෙදි ශාරිරික වගේම මානසික වෙනස්කමුත් වෙනවා ඒක මේ වයසෙ හැටි හැබැයි එහෙම උනාට උඹ මේ ඉන්නෙ විවාහ වෙන්න ඕන වයසක නෙමේ

අරලියා මල් ඔහේ පිපුණට
පෝය නෑ ඇවිදින්
ගෙවා අටවක වැඩෙයි අවසද
නොවී ඉමු ඉක්මන්..

අටවක කියන්නෙ හද පායන්නෙ නැති පෝයක් අපි අටවක පෝයට පන්සල් යන්නෙ නෑ.හැබැයි අටවක පෝයටත් අරලිය මල් පිපෙනවා. අටවක ගෙවිල පුරා හද පායනව ඊළග පසළොස්වක පෝයට. ඒ පෝයට අපි මලුත් අරන් පන්සල් යනවා එතකම් අපි කලබල නොවී ඉමු.

ගෙදර බුදුනගෙ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්

මේ තරුණ කාලෙ ගෙදර බුදුන්ගෙ හෙවණට වෙලා ඉදල පසළොස්වක පෝයටම අපි පන්සල් යමු
තරුණ කාලෙදි  අම්ම තාත්ත එක්ක හැදිල වැඩිල ඒ අයගෙ ආශිර්වාදයත් අරන්ම අපි විවාහ වෙමු කියන ආදරණීයම ඇරයුමත් එක්කමයි මේ තරුණයාගේ ආදරණීය ප්‍රතික්ෂේප කිරීම අවසාන වෙන්නෙ..

බවන්ත කසුන් 

Post a Comment

أحدث أقدم