පියසෙනෙහස/වැරදීම/ආදරය/වියෝව

ගම් වැදුනු ඇතෙක් ගම්වාසීන්ට හිරිහැර කෙරූ නිසාවෙන් ගම්වාසීන් විසින් වෙඩි තියනවා..අන්තිමේදි ඒ වෙඩිල්ලක් නිසා මේ ඇතාගෙ ඇසක් අන්ධ වෙලා මේ ඇතාව බාර දෙනවා පින්නවල අලි අනාථාගාරයට.පින්නවල අලි අනාථාගාරයෙදි මේ ඇතාට වෙනම ඇත්ගොව්වෙක් හම්බෙනවා..මේ ඇත්ගොව්වා මේ ඇතාව බොහොම පරිස්සමට තමන්ගෙ දරුවෙක් වගේ කාලයක් බලා ගන්නවා.මේ කාලෙදි ඇතයි ඇත්ගොව්වයි බොහොම ලෙන්ගතු වෙනවා. ඇත්ගොව්වා ඇතා ගැන බලල ඉවර උනාට පස්සෙ තමයි එයාගෙ ළමයි ගැනත් බැලුවේ. එක් දවසකදි මේ ඇතා ඇත්ගොව්වව පොළොවෙ ගහල පාගල මරනවා.මේ සිදුවීමට මුහුණ දුන්න ඇත්ගොව්වගෙ පුතා මෙන්න මෙහෙම ඇතාගෙන් අහනවා..
තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා සෙනෙහස නුඹටයි පිදුනේ
නුඹේ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ
ආපු දවසෙ ඉදන් නුඹ ගැන හොයල බලල කන්න බොන්න දීපු, අපිටත් වැඩියෙන් නුඹට සෙනෙහස දීපු ඒ මනුස්සයව පාගල මැරුවෙ හිතලද නැත්තම් වැරදීමකින් ද? අප්පච්චි ගෙදර ඇවිල්ලත් කිව්වෙ උඹ ගැන ඒ කතා අහපු මගෙ හිතේ හිටියෙ ඇත් රජෙක්.ඇත්තම කියපන්කෝ උඹට වැරදුණා නේද ?'
මා ඔය දිගේ නුඹෙ මඩ සෝදා හැරලා
පොල් බඩ කිතුල් බඩ නුඹ වෙනුවෙන් හොයලා
ලද සොච්චමට වැඩියෙන් දහදුක් විදලා
අපේ දුක සැප බැලුවෙ නුඹෙ කුසගිනි නිවලා
මා ඔය යනු පින්නවල අලි අනාථාගාරය ලගින් ගලායන ඔයයි. මා ඔයට දාල මඩ හෝදවල කන්න බොන්න දීල අප්පච්චි උඹව බලා ගත්තෙ හම්බෙන සොච්චම් පඩිය ගැනවත් හිතන්නෙ නැතුව..උඹට කන්න බොන්න දුන්නට පස්සෙයි ඒ මනුස්සය අපි ගැන බැලුවෙ. උඹට එහෙම සලකපු මිනිහව නේද අර වගේ මරල දැම්මේ.
බත්පත ඉදෙන විට පිං දුන්නේ නුඹට
බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට
ආවොත් අප්පච්චි ආයෙත් අපෙ ලොවට
අප ගාවට කලින් එන්නේ නුඹ ළගට
ඉස්සර බත් මුට්ටිය ඉදෙන හැමවෙලාවෙම අප්පච්චි උඹව පිං දුන්නා.දැන් අප්පච්චි  නැති නිසා අපිට වැඩිය කන්න බොන්නත් නෑ..අපිට ගොඩක් දවස් බඩගින්නෙ ඉන්න වෙයි.ඒත් අප්පච්චි ආයි ආවොත් අපිව බලන්නත් කලින් උඹව බලන්න එයි.ඒ තරමට අප්ප්පච්චි උඹට ආදරේ කලා බං.
පින්නවල අලි බලන්න ආපු එක්‍තරා පිරිසක් විසින් මෙම ඇතාට උසුළු විසුළු කර මෙම සතාව කුලප්පු කර ඇත.කුලප්පු වූ ඇතා අසලට ඇත්ගොව්වා පැමිණෙනේ අන්ධ වූ ඇස පැත්තෙනි.කුලප්පු වූ මෙම ඇතා සිතන්නේ තමාට කරදර කරන්නට පැමිණි මිනිසෙකු පැමිණි බවයි.තමා අසලට පැමිණි සතුරාව අල්ලා පොළොවෙ ගසා පාගල මරන්න මේ ඇතා දෙපාරක් හිතුවෙ නෑ..
මෙසේ මරා දැමුනු පසු මෙම අහිංසක සත්වයා, තමා විසින් මරා දමනු ලැබුවේ තමාගේම ආදරණීය මිත්‍රයා බව හදුනා ගත් විගස ඇත්ගොව්වා අසල දණින් වැටී හඩා වැළපෙයි..

ගායනය - හර්ෂණ දිසානායක
සංගීතය - සුනිල් දයානන්ද
පදරචනය - සෝමතිලක දිසානායක

Author - බවන්ත කසුන් 

Post a Comment

أحدث أقدم