මාතර කඹුරුපිටිය නම් ගමේ මධ්‍යම පාන්තික පවුලකට දාව උපදින විනිතා සමරසිංහගෙත් දමිළ පවුලකට දාව උපදින නඩේෂන්ගෙත් ඇස් එකිනෙකාට මුණගැහෙන්නෙ කිරුළපන පොලිසිය තුළදි.දෙදෙනාම පොලිස් සේවය තම වෘත්තීය ලෙස තෝරාගෙන තිබූ අතරම දෛවයේ සරදමකට වගේ දෙදෙනාම අනුයුක්ත කරල තිබ්බෙ කිරුළපන පොලීසියට.ඇයට දෙමළ බස කතා කරන්න අසීරුයි ඔහුට සිංහල බස කතා කරන්න අසීරුයි.නමුත් ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයට මෙය බාදාවක් වෙන්නෙ නෑ.භාෂාව ආදරයට බාදාවක් නොවන වග ඔවුන් ඔප්පු කරනවා. ඇය ඔහුටත් ඔහු ඇයටත් පෙම් කරන්න පටන් ගන්නෙ දෙපාර්ශවයෙම පවුල් වල අකමැත්ත පිටයි.(දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී) අවසානයේදී දෙපාර්ශවයේම නෑදෑ සනුහරේ විරුද්ධ වෙද්දි විනිතත් නඩේෂනුත් විවාහ ගිවිසගන්නවා.(සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලියේ)
ජනවාර්ගික ආරවුල් බහුල ඒ කාලයේ ඔවුන් දෙදෙනාට නව ලොවක් තනා ගැනීම අසීරු කටයුත්තක් වුවත් ඔවුන් දෙදෙනාගේ අලුත් ලෝකය ගොඩනගන්න මේ දෙදෙනාම තෝරගත්තෙ උතුරුකරය.(තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී)  යුගදිවිසිරි මැදින් උතුරුකරයට ගිය විනීතටත් නඩේෂන්ටත්  එල් ටී ටී ඊ යදමේ පුරුකක් බවට පත්වෙන්න සිදුවුණා.
අවසානයේ නඩේෂන් එල් ටී ටී ඊ සංවිධානයේ පොලිස් අංශයේ නායකයාත් විනීතා එම සංවිධානයේම ප්‍රබල කොටි සාමාජිකාවක් බවටත් පත්වූහ..

1980 දශකයේ ජනප්‍රිය සගරාවක් වූ දයාසේන ගුණසිංහ මහතාගේ සිව්දෙස සගරාවේ පළවුනු මෙම කතාව දකින කපුගේ තම මිත්‍ර රත්න ශ්‍රී විජේසිංහ මහතාට මෙම කතාව පිළිබදව දැනුම් දෙනවා.අවසානයේ විශිෂ්ඨ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් ඉහත කතාව පාදක කරගෙන ලියවෙන මෙම අපූරු ගීතය විශාරද ගුණදාස කපුගේ මහතාගේ හඩින් වර්ණවත් වෙනවා.

බවන්ත කසුන්

Post a Comment

أحدث أقدم